චීනය මෙරට රේඩාර් පද්ධතියක් ස්ථාපිත කරන බවට චෝදනාවක්
ශ්‍රී ලංකාව තුළ රේඩාර් කඳවුරක් පිහිටුවීමට චීනය යෝජනා කර ඇති බව WION පුවත් සේවය වාර්තා කරනවා.
අදාළ මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් දැක්වෙන්නේ ඉන්දීය සාගර කලාපයේ ඉන්දීය නාවික හමුදාව සහ ඔවුන්ගේ උපාය මාර්ගික කටයුතු අධීක්‍ෂණය කිරීම එහි අරමුණ බවයි.
යෝජිත රේඩාර් පද්ධතිය මගින් Diego Garcia හි එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද හැකි වනු ඇති බවයි මේ සම්බන්ධයෙන් economictimes වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
economictimes වැඩි දුරටත් සඳහන් කරන්නේ චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය ශ්‍රී ලංකාවේ දෙවුන්දරතුඩුව ආශ්‍රිත කැලෑවල මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිත බවයි.
රේඩාර් පද්ධතිය ස්ථාපනය කළහොත් කලාපය පුරා ඉන්දියාවේ උපාය මාර්ගික කටයුතුවලට බලපෑමක් වන බවද එම වෙබ් අඩවිය පවසනවා. මෙම රේඩාර් පද්ධතිය මගින් අන්දමන් සහ නිකොබාර්(Nicobar) දූපත් වෙත ගමන් කරන ඉන්දීය නාවික යාත්‍රාවල චලනය නිරීක්ෂණය කළ හැකි බවයි එල්ල වන තවත් චෝදනාවක් වන්න.
හම්බන්තොට වරාය වසර 99කට චීන බදු දීම මෙන්ම ඔත්තු නෞකාවක් නමින් හඳුන්වන යුවැන් 05 නෞකාව පසුගිය වසරේ මෙරටට පැමිණීමද ඔවුන් විශේෂ කොට සළකා තිබෙනවා.
WION වෙබ් අඩවියේ දත්තවලට අනුව ඔවුන් පවසන්නේ යෝජිත රේඩාරයට දෙවුන්දරතුඩුව කිලෝමීටර 1,700ක් නිරිත දෙසින් පිහිටි බ්‍රිතාන්‍ය ඉන්දියන් සාගර ප්‍රදේශයේ දූපතක් වන ඩියාගෝ ගාර්ෂියාහි පිහිටි හමුදා කඳවුරේ එක්සත් ජනපද හමුදා චලනයන් නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇති බවයි.
තම කලාපය තුළ චීනයේ මෙවැනි ක්‍රියාකාරකම්වලට ශ්‍රී ලංකාවට අවනත වීමට ඉඩ ඇත්තේ චීනයට ඇති ණය නිසා බවද WION වාර්තාවේ දැක්වෙනවා.
එම පුවතට අදාළ විදෙස් මාධ්‍ය වාර්තා පහතින්.