චීනය ගැන යුරෝපා සංගමයෙන් ප්‍රකාශයක්

By Sithumi Apr 14, 2023 01:57 PM GMT
Sithumi

Sithumi

Report

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම අවසන් කර දේශපාලන විසදුමක් සෙවීමට උදව් නොකළහොත් චීනය සමග විශ්වසනීය සබදතාවක් පවත්වා ගැනීම දුෂ්කරවනු ඇති බව යුරෝපා සංගමය පවසනවා.

   ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම හමුවේ මධ්‍යස්ථභාවයක් පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවයි එම සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් ප්‍රකාශ කළේ.

සෑම පාර්ශ්වයකටම යුරෝපා සංගමයේ ප්‍රතිපත්තියට එකඟවන ලෙස ඉල්ලීමක් නොකරන නමුත් නීතී උල්ලංඝනය කීරීම සම්බන්ධයෙන් සරලව සිතාබලන ලෙස ඉල්ලා සිටින බව විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසප් බොරෙල් සඳහන් කර තිබෙනවා.

ඔහු මේ සතියේ චීනයේ සංචාරයක නිරතවීමට සූදානම්ව සිටියද කොරෝනා වෛරසය ආසාධනයවීම හේතුවෙන් එය කල්දමා ඇති බවයි වාර්තා වන්නේ.