කොරෝනා නිසා චීනය යළිත් වරක් වැසේ..අද මධ්‍යම රාත්‍රියේ සිට කරන දේ.

Corona China Covid risk World news
By Aruna Dec 23, 2021 03:50 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් චීනය යළිත් වරක් නගරයක් වසා දමා තිබෙනවා.

එලෙස වසා දමා ඇත්තේ චීනයේ උතුරු දිග නගරයක් වන ෂියෑන් නගරයයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට නගරය වසා දැමීමට නියමිත අතර එය කුමන කාලයක් බලපැවැත්වෙනවාද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ෂියෑන් නගරයේ පුද්ගලයින් මිලියන 13 කට අධික පිරිසක් ජීවත් වන අතර නගරය වසා දැමීමත් සමග ඔවුන්ට දැඩි සීමාවලට යටත්වීමට සිදුවනු ඇති.

ඒ අනුව ෂියෑන් නගරයේ ජීවත්වන පවුල්වලින් එක් පුද්ගලයෙකුට පමණක් දින 02 කට වරක් නිවසින් පිටතට පැමිණීමට අවසර හිමිවනවා.

ඒ, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පමණයි.

නගරයේ පිහිටි අත්‍යවශ්‍ය නොවන සියලු ව්‍යාපාර ස්ථාන වසා දමා ඇති අතර රජයේ සේවකයින්ට දැනුම්දී ඇත්තේ නිවෙස්වල සිට රාජකාරී කටයුතු සිදුකරන ලෙසයි.

එළඹෙන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත 2022 සීත ඍතු ඔලිම්පික් උළෙල හේතුවෙන් කොරෝනා ව්‍යාප්තියෙන් තොර රටක් ගොඩනැගීම චීනයේ අරමුණයි.

ඒ අනුව මේවනවිටත් රට පුරා කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනිමේ පරීක්ෂණ ක්‍රියාත්මක අතර ආසාදිතයින් වාර්තා වුවහොත් අදාළ ප්‍රදේශය වසා දැමීමේ දැඩි තීරණයක චීන බලධාරීන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now