ඔත්තු බැලූ චීනයට බැලූනයට ඇමරිකාවෙන් සිදු කළ වැඩේ.

By Sithumi මාස 1 කට පෙර
Sithumi

Sithumi

Report

අත්ලාන්තික් සාගරයට ඉහළින් අහසේ තිබූ ඔත්තු බැලීම සඳහා චීනය ගුවන් ගත කළ බැලූනය ඇමෙරිකානු හමුදාව විසින් වෙඩි තබා බිම හෙලා තිබෙනවා. චීනය විසින් ගුවන් ගත කරනු ලැබූ බැලූනය මෙම සතිය මුලදී අමෙරිකාවේ, මොන්ටානාහි අහසේ ප්‍රථම වරට දක්නට ලැබුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුව සුළං තත්ත්වය අනුව එම බැලුනය අමෙරිකාව මැදින් ඉහළ අහසේ පාවෙමින් එරට නැගෙනහිර වෙරළ තීරයට ඊයේ සවස වන විට ළඟා වූ බවයි එරට බලධාරින් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුනේ. මෙම චීන බැලූනයට වෙඩි තබා බිම හෙළීමට පෙර අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ගුවන් තොටුපොළවල් කිහිපයක ගුවන් සේවා ක්‍රියාත්මක කිරීම ද අත්හිටුවා තිබුනා.

මෙම චීන බැලුනය සාමාන්‍ය බස්රථ 03 ක ප්‍රමාණයට සමාන විශාලත්වයෙන් යුක්ත වූ අතර එය අහසේ අඩි 60,000ක් පමණ ඉහළින් පාවෙමින් තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්ටා කරන්නේ. අදාළ බැලුනය චීනය විසින් ඔත්තු බැලීම සඳහා යොදා ගනු ලබන එකක් බවට අමෙරිකාව සැක පළ කරනු ලැබූ අතර චීනය සඳහන් කලේ කාලගුණ තොරතුරු ලබා ගැනීමට ඔවුන් එය යොදා ගන්නා බවයි.

ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කළේ ඔවුන්ගේ ප්‍රහාරක ජෙට් යානා විසින් එක්සත් ජනපද මුහුදු සීමාවට ඉහළ දී බැලූනය බිම හෙළූ බවයි. සෙනසුරාදා හමුදාව විසින් මෙහෙයුම ක්‍රියාත්මක කිරීමත් සමඟ උතුරු සහ දකුණු කැරොලිනා වෙරළට ඔබ්බෙන් ගුවන් තොටුපළ තුනක් වසා දමා ගුවන් අවකාශය වසා දැමුවා. කුඩා පිපිරීමකින් පසු බැලූනය මුහුදට වැටෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.