ඉදිරියේදී චීනය විසින් රටක් සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරයි..දැනටමත් අනතුරු අඟවයි.

China War American Thaivan
By Aruna Oct 06, 2021 08:52 AM GMT
Aruna

Aruna

Report

චීනය සමඟ සබඳතා වසර 40කින් අවම මට්ටමට පැමිණ ඇති බව තායිවාන ආරක්ෂක අමාත්‍ය චියු කුඕ චෙන් ප්‍රකාශ කළා.

එමෙන්ම, ඔහු කියා සිටියේ වසර 2025 වන විට චීනය විසින් තම රට පූර්ණ ලෙස ආක්‍රමණය කිරීමේ අවදානමක් පවතින බවයි.

චීන යුද ගුවන් යානා පසුගිය දින 4ක කාලය තුල වාර්තාගත අන්දමින් තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළු වීම ආන්දෝලනයට ලක් වූ කරුණක්.

තායිවානය තම රට ස්වෛරී රාජ්‍යයක් ලෙස හැඳින්වුව ද, චීනය සලකන්නේ එය තම රටට අයත් වෙන්වූ ප්‍රාන්තයක් ලෙසයි.

මේ අතර, චීනය සහ තායිවානය සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් චීන ජනාධිපති ෂී ජින් පින් වෙත ප්‍රතිඥාවක් ලබා දී ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now