මුහුදු මාළු ගැන තීරණයක් ගත් චීනය..

Government of China Japan China
By krishani Jul 07, 2023 07:48 AM GMT
krishani

krishani

Report

ජපානයේ ප්‍රාන්ත 10කින් මුහුදු ආහාර ආනයනය තහනම් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

ඒ ආරක්ෂක හේතූන් මත බවත්  ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ න්‍යෂ්ටික අපජලය සාගරයට මුදාහැරීමේ සැළැස්මට විරෝධය පළ කිරීමක් හේතුවෙන් බවත් චීනය සඳහන් කළේ ය.

කෙසේවෙතත් චීන රේගු බලධාරීන් පැවසුවේ ජපානයේ අනෙකුත් ප්‍රදේශවලින් ආනයනය කෙරෙන සෙසු ආහාර සම්බන්ධයෙන් ද දැඩි විකිරණ පරීක්ෂණයක් පවත්වන බවයි.