ළමයින්ගේ අසභ්‍ය දර්ශන සහ ඡායාරූප 500ක් පමණ අන්තර්ජාලයට එක් කළ තරුණයෙකු අත්අඩංගුවට
ළමයින්ගේ අසභ්‍ය දර්ශන සහ ඡායාරූප 500ක් පමණ අන්තර්ජාලයට එක් කළ තරුණයෙකු බඩල්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ වයස අවුරදු 25ක්. පොලිස්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථාපිත කරන ලද විශේෂ දත්ත පද්ධතියක් සහ පරිගණක උපාංග භාවිත කරමින් එවැනි ළමයින් පිළිබද අසභ්‍ය දර්ශන හා ඡායාරූප පළ කිරීම් සම්බන්ධයෙන් ඊයේ සිට ආරම්භ කළ මෙහෙයුමේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ගතවූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 53,453ක් වන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුලුවන ස්ථාන 13කදී සිදුකළ පරීක්ෂාවන්වලදී පුද්ගලයන් 7,103දෙනෙකු පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
පුද්ගලයන් 198ක් පළාත් සංචරණ මායිම් උල්ලංඝණය කර ගමන් කිරීමට පැමිණීමේදී පැමිණි වාහන 68ක් ද සමග අවවාද කිරීමෙන් අනතුරුව නැවත හරවා යවා තිබෙනවා.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
