දරුවා පාසල් යන්නෙ ආශාවෙන් නෙමේ ගුටිකන්න වෙනවට බයේ, දරුවෝ වෙනුවෙන් දුක්වෙන සරෝජා

Report

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි විසින් වර්තමාන සමාජයේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් සහ දරුවන්ට සිදුවෙන කායික හිංසන සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.

ඒ අද (24) දින පාර්ලිමේන්තුව අමතමින්.

එහිදී අමාත්‍යවරිය පවසා සිටියේ,

"දරුවා ආශාවෙන් පාසලට යනවා නෙමෙයි. ගුටිකන්න වෙනවට බයේ පාසල් යන්නෙ. අපි බලාපොරොත්තු වෙන්නෙ එහෙම අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයි. පාසල ප්‍රසන්න පරිසරයක් විය යුතුයි. දඩුවමට බයේ වැරදි නොකරන දරුවන් වෙනුවට තමාට තමා පාලනය කරගත හැකි ස්වයං විනයකින් යුතු සමාජයක් අපට ඕනේ." යනුවෙන්..

වසන්තගෙ ක්‍රිප්ටෝ මුදලුයි ජගත්ගේ බයිනෑන්ස් ගිණුමෙයි ඇත්ත නැත්ත අහපු දයාසිරි නිසා මැතිසබය රත් වෙයි

වසන්තගෙ ක්‍රිප්ටෝ මුදලුයි ජගත්ගේ බයිනෑන්ස් ගිණුමෙයි ඇත්ත නැත්ත අහපු දයාසිරි නිසා මැතිසබය රත් වෙයි

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ දරුවන්ට සිදුවන සියලු හිංසා පැමිණිලි කිරීමට දුරකථන අංක ලබා දී ඇති බවත් ඒ ඔස්සේ දැනුම් දී ඔවුන්ගේ ආරක්ෂාව සහ අනාගතය සුරක්ෂිත කිරීමට සියලු දෙනා එක් විය යුතු බවයි.

" කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ලෙස ජාතික ළමා රක්ෂක අධිකාරි පනත 1998 අංක 50 දරන ජාතික ළමාරක්ෂක අධිකාරි පනතේ අපිට ආවරණයක් තිබෙනවා ලංකාවේ හිංසනයට සහ දඬුවමට ලක්වන දරුවන් කායික හිංසනය වෙනුවෙන් පැමිණි කිරීම සඳහා 1929 අංකය එහෙම නැත්තම් ඍජු පැමිණිළි අංශය ආදී සියල්ල හරහා මේ ළමයින්ට සිදුවන කෲරත්වය පිටු දකින්න. ඒ තුළින් අපි තව දුරටත් දරුවන්ට සුරක්ෂිත අනාගතයක් ගොඩනගනවා" 

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

ආයේ හොඳ පාසල් තෝරන්න තරග කරන්න ඕන නෑ ලේසිම වැඩක් රජයෙන් කරයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ වත්කම් මෙන්න, බිලියන බාගයකට ආසන්නයි