මීගමුව බන්ධනාගාර ගැටුම ගැන විමර්ශන දැඩි වෙයි - නව සැකකරුවන් 24ක් නම් කෙරේ

Report

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමකින් පුද්ගලයන් 32 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 24 දෙනෙකු නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අධිකරණය අවසර ලබා දී තිබේ.

අදාළ නඩුව අද (07) මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත. ඒ අනුව, මීට පෙර නම් කර තිබූ සැකකරුවන් 38 දෙනා සහ අද දිනයේ නම් කළ නව සැකකරුවන් 24 දෙනා ඇතුළුව, මෙම සිද්ධියට අදාළ සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබේ.

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ - හමුදාව සහ පොලිසිය සීරුවෙන්

යාපනය බන්ධනාගාරයේ ආරක්ෂාව තර කෙරේ - හමුදාව සහ පොලිසිය සීරුවෙන්

ආරක්ෂක හේතූන් මත සැකකරුවන්ගේ නම් විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් නොකළ අතර, අදාළ නාම ලේඛනය සහ බී වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෘජුවම මහේස්ත්‍රාත්වරිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

මේ අතර, සැකකරුවන් 38 දෙනෙකු අද (07) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බැවින් එම පෙරට්ටුව ලබන අගෝස්තු 21 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අත්අඩංගුවේ පසුවන සියලුම සැකකරුවන් අගෝස්තු 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර තිබේ.එදිනට සැකකරුවන් 62 දෙනාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරුන් වෙත නියෝග නිකුත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා, ගිනි අවි ආඥා පනත, පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ වගන්ති යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් තවමත් නොසන්සුන් - විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වහාම පැමිණෙයි

පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් තවමත් නොසන්සුන් - විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වහාම පැමිණෙයි

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...