දරුවන්ට දෙන්නේ බලාගෙනයි. - අපේ රටේ යෝගට් හැදෙන හැටි ගැන ඇහෙන අමුතු කතාව.
වෙලාවෙම කන්නේ වස කියන එක ලංකාවේ අපට නම් නිතර දෙවේලේ කනට ඇහෙන දෙයක් නේ…
ඒ කතා කොහොම වුණත් මේ ගැන අවබෝධයක් තියන ගොඩක් දෙනෙක් ගොඩක් වෙලාවට ආහාර ගන්නේ තෝරා බේරාගෙන….
පෝෂදායී කියලා හිතෙන කිරි කෑම ජාති එළවලු පලතුරු අපි අපේ ආහාර වේලට එකතු කරන්නේ ඒ ගැන හිතලා නේ..
ඉතින් මේ වගේ කෑම බීම අතරින් ගොඩක් දෙනෙක් වැඩිපුර ආහාරයට එකතු කරගන්න පෝෂණය වැඩිවශයෙන් තියන කෑමක් කියලා තමයි යෝගට් ප්‍රචලිත…
ඒකනේ අපේ ආහාර වේලට යෝගට් අපි අමතරව එකතු කරන්නේ… කුඩා දරුවන්ගේ ආහාරයටත් මේවා ගොඩක් එකතු කරගන්නවා.. ඉතින් මේවා අපේ රටේ හැදෙන්නේ නිසි ප්‍රමිතියටමද…?
මේ ඒ ගැන කතාවක්…
මේ ළඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා…. එතනදි මට මුණගැහුනා කිරි නිෂ්පාදන සමග ලොකු සම්බන්දයක් තියෙන… ලොකු පලපුරුද්දක් තියෙන මහත්මයෙක්.. ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්‍යක්ෂවරයා.. සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්.. ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා… ලංකාවේ යෝගට් ගැන.. ඔහු කියපු දේවල් ඇහුවාම අපිට තරු වීසි වුණා.. ඒ නිසයි මේක ලියන්නම හිතුණේ..
යෝගට් සඳහා යොදා ගන්නේ එළකිරි.. මුහුන්.. රසකාරක..ප්‍රධානවශයෙන්ම… ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.. කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍යත් එකතු කරනවා.. ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන..
යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕන ඇඹුල් රසයක් මිසක් පැණි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්‍රසිද්ධ යෝගට් කනකොට සෑහෙන්න පැණි රසයි.. ඒ වගේම ඝනයි.. මම ඒකට හේතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මෙන්න..
” යෝගට්වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුළු වශයෙන් එකතු කරනවා.. මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලංකාවේ තියෙනවා.. එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අධික ලෙස යොදන එක… ඒ යෝගට් හරි උකුයි… පැණි රසයි.. හැන්දෙන් යෝගට් ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. හොඳ යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක.. ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්.. ඒත් අර ජෙලටින්.. පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ.. ඒවා අධික පැණි රසයි.. ඝනයි.. ඒක නිසා පොඩි ළමයි වැඩියෙන් කැමති පැණි රස යෝගට් එකට..
දැන් මොකක්ද මේ පැණි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා.. එතකොට තම නියම කතාව කිව්වේ…,
සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිධ දෙවල් එකතු කරනවලු.. යුරියා…කිරිපිටි…සීනි වගේ දේවල්… එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවල ඒත් සමහර අය ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ.. ඒ එයාලා ගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුණාත්මක එලකිරි තියෙන්නේ ඒ අය ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්..
කිරි පිටි දාන එකේ අවුල මොකක්ද.. කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා.. අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි… ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකිණෙනවා… එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු… නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලංකාවේ ගොඩාක් හෝටල්වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි… අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ.. නොයෙක් වස විස දානවා ඒවට..
තුනක් ගත්තාම එකක් දෙනවාවගේ යෝග දාලා එක එක නම් වලින් විකුණන ජරාව පොඩි අයට දෙන්නම එපා.. අර මහලොකු ඇඩ් දාලා විකුණන බහුජාතික සමාගමේ යෝගට් නම් දෙන්නම එපා පොඩි අයට.. ඕනෙනම් කාලා බලන්න.. සෑහෙන්න පැණි රසයි.. ඝනයි.. එහෙම වෙන්නේ ජෙලටින් හා සීනි එක්ක පිටිකිරිවලින් හදන නිසා…
කෝන් ෆ්ලවර්…යුරියා.. වීසිකරන ජරා පිටිකිරි.. ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා… පව්….. සාමාන්‍යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි… ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ…
- මුහුණු පොතෙන් උපුටා ගැනුණි. -
