ලොව පුරා Facebook, Instagram සහ Threads බිඳවැටෙයි - ආයේ Social Media පාවිච්චි කරන්න බැරි වෙයිද?
ලොව පුරා Facebook, Instagram සහ Threads යන සමාජ මාධ්‍ය බිඳවැටී ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ හේතුවෙන් පරිශීලකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන්ය.
මෙටා (Meta) සමාගමට අයත් ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලයන් වන Facebook, Messenger, Instagram, Threads අද (12) දිනයේදී වරින් වර ඇතිවන තාක්ෂණික දෝෂ කිහිපයක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
වාර්තා වන ආකාරයට මෙම හදිසි තත්ත්වය හේතුවෙන් ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයින් පිරිසක් සිය සමාජ මාධ්‍ය ගිණුම්වලට ඇතුළු වීමට සහ පණිවිඩ හුවමාරු කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.
විවිධ අන්තර්ජාල සේවාවන්හි බිඳවැටීම් නිරීක්ෂණය කරන ජාත්‍යන්තර වෙබ් අඩවි සහ විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් ඉදිරිපත් කර ඇති පැමිණිලිවලට අනුව, ෆේස්බුක් ගිණුම්වලට ඇතුළු වීමේදී දෝෂ ඇතිවීම (Login failures), ගිණුම්වල අලුත් තොරතුරු දර්ශනය වීමේ ප්‍රමාදයන් (Slow loading) සහ මෙසෙන්ජර් හරහා පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි වීම වැනි ප්‍රධාන ගැටලු රැසක් මෙහිදී මතු වී ඇත.
මෙම තාක්ෂණික ගැටලුව ලොව පුරා සියලුම දෙනාට එකලෙස බලපා නොමැති අතර, ඇතැම් කලාපවලට මෙහි බලපෑම දැඩිව එල්ල වී ඇති පසුබිමක තවත් සමහර පරිශීලකයින්ට සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද සඳහන් වේ.
ලෝකෙම කණපිට හැරෙන්නයි යන්නේ - පැත්තකින් උෂ්ණත්වයේ ඉහල යෑමක් අනිත් පැත්තෙන් අයිස් තට්ටු දියවී ගංවතුර තත්ත්වයක් - ඉදිරිය අතිශය දරුණුයි
මෙම හදිසි සේවා බිඳවැටීමට නිශ්චිත හේතුවක් මෙටා සමාගම විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති වුවද, සමාගම විසින් මෑතකදී සිදුකරන ලද පද්ධති යාවත්කාලීන කිරීම් (Server Updates) හෝ සේවාදායකයන්හි (Servers) ඇති වූ යම් තාක්ෂණික දෝෂයක් මීට බලපාන්නට ඇති බව තාක්ෂණික අංශ උපකල්පනය කරයි.
කෙසේ වුවද, මෙවැනි ගැටලු සාමාන්‍යයෙන් කෙටි කාලීන වන බැවින්, පවතින තාක්ෂණික දෝෂයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙටා සමාගමේ ඉංජිනේරු කණ්ඩායම් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි.