ලමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක් කළ තරුණයා ට සිදුවුන දේ

police Child abuse child harresment
By Sithumi Aug 07, 2021 12:24 PM GMT
Sithumi

Sithumi

Report

ලමා අසභ්‍ය දර්ශන අන්තර් ජාලයට මුදා හැරුණු ලැබූ තරුණයකු පිළිබඳ තොරතුරු අද ඔබට අප අනාවරණය කළා.

එම තරුණයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අගෝස්තු 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගතකිරීමට අධිකරණය නියම කරනු ලැබුවා.

මෙම තරුණයා ළමයින්ගේ අසභ්‍ය දර්ශන හා ඡායාරූප අන්තර්ජාලයට එක් කළ බඩල්කුඹුර ප්‍රදේශයේ තරුණයෙක් අද (07) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු එවැනි ඡායාරූප සහ දර්ශන 500ක් පමණ අනතර්ජාලයට එක්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එම තරුණයා 25 හැවිරිදි අයෙකු වන අතර ව්‍යාජ ගිණුම් දෙකක් මගින් ඔහු මෙම දර්ශන අන්තර්ජාලයට එක්කර තිබෙනවා. 

 පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ විශේෂ දත්ත පද්ධතිය උපයෝගී කර ගනිමින් එවැනි පුද්ගලයන් සොයා මෙහෙයුමක් ඊයේ (06) සිට ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

ReeCha