දින 18ක බිළිඳෙක් කොරෝනා වැළඳී මියයයි
covid19
Negombo
child death
minuvangoda
By Sewvandhi
මිනුවන්ගොඩ ප්‍රදේශයේ දින 18ක බිළිඳෙකු උපතේදී ඇතිවූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් පෙරේදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගොස් තිබෙනවා.
පසුව සිදුකළ කොරෝනා පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ එම බිළිඳාට කොරෝනා ආසාදනය වී ඇති බවටයි. ඒ අනුව බිළිඳාගේ දේහය ඊයේ (18) ආදාහනය කර තිබෙනවා.
මේ අතර ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් වාර්තා වූ දෙමටගොඩ ආරාමය ප්‍රදේශයේ අද (19) එන්නත්කරණ කටයුතු සිදු කරන බව කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |