මෙරට දරුවන් සහ ගර්භණී මව්වරුන් සම්බන්ධයෙන් ඇහෙන ඛේදනීය තත්ත්වයක්..

Sri Lanka
By krishani Sep 28, 2022 09:03 AM GMT
krishani

krishani

Report

පසුගිය අගෝස්තු මාසයේ දී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් අඩු බර සහිත දරුවන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

පෝෂණ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි පැවසුවේ දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සිදු කළ සමික්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවය.

කුඩා ළමයින්ගේ බර කිරීම් සියයට 60කින් සියයට 14ක් අඩු බර සහිත දරුවන් බවට හදුනා ගෙන ඇති අතර ගර්භණි මවුවරුන්ගේ ශරිර ස්කන්ධ දර්ශකයට අනුව මේ වසරේ අගෝස්තු මාසය දක්වා මව්වරුන් සියයට 15යි දශම දෙකක් නියමිත බර ප්‍රමාණය සම්පූර්ණ කර නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join