කුකුළු මස් මිල ඉහළට - නව මිල ගණන් මෙන්න
වෙළඳපොළේ කුකුළු මස් මිල යළිත් ඉහළ ගොස් ඇති අතර, අද (16) වන විට කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,400 දක්වා ඉහළ ගොස් තිබෙන බව බැස්ටියන් මාවත කුකුළු මස් වෙළඳ සංගමයේ සභාපති එම්.අයි. එම්. ඉක්බාල් මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මෑතකදී සිදු වූ මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයන්ට දැඩි බරක් වී ඇති බවයි. කුකුළු මස් නිෂ්පාදනයේ පිරිවැය ඉහළ යාම, ආහාර පෝෂණයේ මිල ඉහළ යාම සහ සැපයුම් දාමයේ ගැටලු ඇතුළු හේතු ගණනාවක් මෙම මිල ඉහළ යාමට බලපා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම උත්සව සමයේ පවතින අධික ඉල්ලුම ඉහළ යාමට හේතුව බවයි වෙළදුන් සදහන් කළේ.
ඒ අනුව සිල්ලර වෙළදපොළේ මේ වනවිට බිත්තරයක් රුපියල් 39ත් 46ත් අතර මිලකට අලෙවි වන අතර කුකුළු මස් කිලෝවක් රුපියල් 1390ක් 1500ත් අතර මිලකට අලෙවි වන බවයි වෙළදපොල ආරංචිමාර්ග සදහන් කළේ.