කුකුළු මස් සහ බිත්තර මිලට වෙන්න යන දේ මෙන්න..
Sri Lanka
Chicken eggs
By Aruna
බිත්තර මිල වැඩිවීම නවතී රජය විසින් බඩඉරිඟු ආනයනික බදු ඉවත් කිරීම හේතුවෙන් බිත්තර මිල තවදුරටත් ඉහළ නොදමන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්තනායක පැවසීය.
ඒ හේතුවෙන් බිත්තරවල නිෂ්පාදන වියදම අඩුවී ඇති බවත්, මේ දිනවල බිත්තරයක තොග මිල රුපියල් 23.50ක් බවත් හෙතෙම කීවේය.
තවද, කුකුළු මස් මිලද රුපියල් 50කින් පමණ අඩු කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා කීවේය.
කෙසේ නමුත්, මේ දිනවල වෙළෙඳපොලේ බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 26 – 30ත් අතර මිලකට වන අතර, කුකුළු මස් කිලෝවක් රුපියල් 800 – 900ත් අතර මිලකට අලෙවි කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |