ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයන් ඇතුළු පිරිසකට රසායනික ජල ප්‍රහාරයක් - මෙන්න විස්තරය

Report

ඊශ්‍රායලයේ සේවය කරන විදෙස් සංක්‍රමණිකයන් ඉලක්ක ගත කරගෙන රසායනික ද්‍රව්‍ය යොදාගෙන දරුණු ජල ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් පිළිබඳව වාර්තාවේ.

දින කීපයකම සිට මෙම සිදුවීම ක්‍රියාත්මක වන අතර ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය අවධානය මේ වෙනුවෙන් යොමු වී ඇති බවටත් සඳහන්.

වැඩිදුර සොයා බැලීම් වලදී සඳහන් වූයේ කුඩා පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් තනිවම ගමන් ගන්නා විදේශීය සංක්‍රමණික සේවකයන් ඉලක්ක කර දියරමය ප්‍රහාරය දියත් කර ඇති බව සහ මේ ප්‍රහාරයට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුද ලක්වී ඇති බවට තානාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

රන් මිල අද මෙච්චරකින් ඉහළ ගිහින් - නවතම මිල ගණන් මෙන්න

රන් මිල අද මෙච්චරකින් ඉහළ ගිහින් - නවතම මිල ගණන් මෙන්න

ඒ අනුව මේ පිළිබඳව ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යංශය හා ජනගහන හා ආගමන අධිකාරිය හෙවත් පිබා (PIBA) ආයතනය දැනුම්වත් කර ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශ සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව විධිමත් පියවර ගන්නා මෙන් ඉල්ලා සිටි බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරය සඳහා එකතුවී සිටි වයස අවුරුදු 13ත් 19ත් අතරේ පසුවන තරුණයන් 5 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන දින 6ක් බන්ධනාගාර කර ඇත. එමෙන්ම අනෙකුත් සිද්ධීන් පිළිබඳව CCTV කැමරා මගින් ලබාගත් තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව සදහන්.

කුරුණෑගල හිටපු නගරාධිපති මහ නගර සභාවේ ඉඩමක් බිරිඳගේ නමට ගෙන සුවිසල් මාලිගාවක් හදලා

කුරුණෑගල හිටපු නගරාධිපති මහ නගර සභාවේ ඉඩමක් බිරිඳගේ නමට ගෙන සුවිසල් මාලිගාවක් හදලා

මෙම තත්ත්වය පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇත. ඒ අනුව තත්ත්වය සමනය වන තෙක් වැටුප් ශ්‍රී ලංකාවට යැවීමට ගමන් කිරීමේ දී හැකි සෑම අවස්ථාවකදීම කණ්ඩායමක් ලෙස ගමන්කිරීම, තමන් සතු මුදල් පසුම්බිය හා ආභරණ ආදිය සුරක්ෂිතව තබාගෙන ගමන් බිමන් යාම, දුරකථන අරක්ෂිතව තබාගැනීම හා මාර්ගවල ගමන්කරන විට දුරකථන භාවිතා නොකරන ලෙස ඉල්ලා තිබේ.

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

තවද ඕනෑම හදිසි අවස්ථාවක ඊශ්‍රායල් පොලිසියේ සිවිල් කටයුතු පිළිබඳව හදිසි අංකය වන අංක 100 අමතා සිදුවීම හා තමන් සිටින ස්ථානයේ තොරතුරු ඔවුනට ලබාදීම සිදුකරන ලෙසත් තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත.