යූරියා පොහොර මුලින්ම ලබා දෙන පිරිස මෙන්න..

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Aruna Jun 30, 2022 02:08 AM GMT
Aruna

Aruna

Report

ඉන්දීය රජය විසින් ලබාදෙන යූරියා පොහොර වී වගා කළ සියලුම ගොවීන්ට ලබාදීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ දිනයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් වී වගා කළ සියලු ගොවීන්ට වී වගා කිරීමට උපදෙස් ලබා දී තිබුණා.

මේ හේතුවෙන් එම ගොවීන්ට සහාය ලබාදීම රජයේ වගකීමක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඉන්දියාවෙන් යූරියා පොහොර දිවයිනට ලැබීමෙන් අනතුරුව ඒවා බෙදාහැරීමේ කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළා.

එම යූරියා පොහොර හෙක්ටයාර එකකට කිලෝග්‍රෑම් සියයක් වන සේ බෙදා හරින ලෙසටද එහිදී අමාත්‍යවරයා පැවසූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ.

යූරියා පොහොර ලැබීමෙන් අනතුරුව සියලුම ගොවි ජන මධ්‍යස්ථාන වෙත ඒවා බෙදා හැරීමට අවශ්‍ය වැඩපිළිවෙල කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සකසා තිබෙනවා.

කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බෙදා හැරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර පොහොර බෙදා දීමේදී කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ පූර්ණ සහාය ලබාගැනීම සදහා ඔවුන් පදිංචි ප්‍රදේශයේම රාජකාරී සදහා අනියුක්ත කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදුන් බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now