කොවිඩ් පාලනයට අවශ්‍යම දෙයක් මෙරටිනුත්.. දැන් අනුමැතිය ලැබේ
කොවිඩ් -19 ට එරෙහිව ප්‍රතිරෝධයක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රතිදේහ කොක්ටේල් එකක් වන රීජන්-කෝව් ආනයනය කිරීමට අදාළ සමාගමට අවසර ලබා දී ඇති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.
මේ අතර,නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලසීමාවේදී අඩු අදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ප්‍රමාණවත් නොමැති බව රජය පිළිගන්නා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
පවතින අර්බුදකාරී තත්වය හමුවේ අඛණ්ඩව මූල්‍ය සහන ලබාදීම රජයට ප්‍රබල ගැටලුවක් බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ.
පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා විසින් උපදෙස් දුන් බවද රමේෂ් පතිරණ මහතා මෙහිදී අනාවරණය කළා.
මූල්‍ය විනය දැඩිලෙස පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත උපදෙස් කිහිපයක් දුන් බවයි ජාතික පුවත්පතක අද සඳහන්ව තිබූ පුවතක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේදී රමේෂ් පතිරණ මහතා කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |