චන්න ගයත්‍රී යුවලගේ ආදරණීය ලොකු දුව මලීෂා ඇයගේ කඩවසම් පෙම්වතා සමඟින් සුබ නැකතින් විවාහ ගිවිස ගනී (PHOTOS)
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ.
ඒ වගේම අපේ කළා ක්ෂේත්‍රය තුලම ඉන්න දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී ඩයස් කියලා කියන්නේ. ඉතින් මේ චන්න ගයත්‍රී යුවලගේ වැඩිමහල් සුරූපී දියණිය තමයි මලීෂා පෙරේරා. ඉතින් ඇය ගැනත් පහුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඒ විදිහට ඇය ගැන වැඩිපුර කතා බහට ලක්වෙන්න හේතුවක් වුනේ මලීෂාගේ කඩවසම් පෙම්වතා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හදුනා ගැනීමත් සමඟයි.
කොහොම නමුත් අපි මේ විදිහට ඔබට කියන්න යන්නේ මේ සුරූපී තරුණිය මලීෂා ගැන අහන්න ලැබුණු සතුටුදායක පුවතක් ගැනයි. ඉතින් ඒ තමයි මලීෂා පෙරේරා ඇයගේ ආදරණීය කඩවසම් පෙම්වතා එක්ක සුබ නැකතින් විවාහ ගිවිසගෙන තියෙනවා.
ඉතින් මේ ආදරණීය යුවලගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප කිහිපයක් මලීෂා ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් පවසලා තිබුනේ අපි විවාහ ගිවිසගත්තා කියලයි. ඒ වගේම ළඟදීම මේ ආදරණීය යුවලගේ විවාහයත් සිදුකරන බව තමයි අපටනම් දැනගන්න ලැබුනේ.












