අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කෙරේ..ප්‍රබල වෙනසක්.

By Sewvandhi Nov 18, 2021 03:32 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අමාත්‍යංශ කිහිපයකට අදාළ ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) දිනයේ සිට ක්‍රියාත්මක පරිදි එම සංශෝධනයන් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලය, ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ වන ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කර තිබේ. ඊට අමතරව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද මුදල් අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව ද සංශෝධනය කර ඇති බව වාර්තා වේ.

විදේශ අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ආයතිනක හා නෛතික රාමුව මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුවද ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGallery