ඇමැති මණ්ඩලයේ ‌වෙනසක් වන ලකුණු

By Sewvandhi Dec 18, 2021 07:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලබන වසර මුල කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් සිදු කිරීමට රජය බලාපොරොත්තුවෙන් පසුවන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ යටතේ ප්‍රධාන පෙළේ ඇමැතිධුර කිහිපයකද වෙනස්වීම් සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

ලබන වසර ආරම්භයේදී රජයේ වැඩපිළිවෙළ නව ජවයකින් සහ වේගවත්ව ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති අතර කැබිනට් මණ්ඩලයේ මෙම සංශෝධනය සිදු කෙරෙන්නේද ඊට සමගාමීව බව රජයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මේ අතර කැබිනට් මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රැසක් රජයේ ප්‍රධානීන්ට දැනටමත් සිය විරෝධය මතු කර ඇත. 

 ජාතික ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද කැබිනට් මණ්ඩලය පත් කර ඇති ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා දැඩි විවේචනයක් සිදුකළහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now