රියදුරු බලපත්‍රය ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක්..අලුත්ම ක්‍රමය මෙන්න.

By Sewvandhi Dec 24, 2021 03:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් රියදුරු පුහුණුව සමත් වූ දිනයේම බලපත්‍රය ලබාදීමේ ක්‍රියාවලිය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඒ, එදිනම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයේදී අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබීමත් සමඟයි.

අනුරාධපුර කාර්යාලයේ සිදුවූ මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට පැමිණිලි කිහිපයක් ලැබීමත් සමඟ එම ක්‍රියාවලිය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ .

ලිඛිත පරීක්ෂණය සමත් වී ප්‍රායෝගික පරීක්ෂණය සමත් වන සීමිත පිරිසකට රුපියල් 500ක මුදලක් ගෙවීමෙන් රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවස්ථාව මීට පෙර ලබා දී තිබුණා.

කෙසේ වෙතත් ප්‍රායෝගික පරීක්ෂණය සමත් වූ දිනයේම රියදුරු බලපත්‍රය නොලැබුණද තාවකාලික බලපත්‍රයක් හිමිවන අතර එය උපයෝගී කරගනිමින් රථවාහන ධාවනයට අවසර හිමි වනවා.

මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් කළින් වේලාවන් වෙන්කරවා ගත් පුද්ගලයන් හට එක්දින සේවාවන් සහ අනෙකුත් සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනු ඇති. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now