ජූලි මාසයේදී විදුලි බිලේ වෙනසක්.
CEB
Sri Lanka
Ceylon Electricity Board
Kanchana Wijesekera
By Wayomi
එළඹෙන ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.
ඔහු ඒ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති අතර යේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදු කිරීමට නියමිතයි.
ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, එම තීරණවලට අනුව පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වාදීමටත් සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් තීරණය කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |