බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව තමන්ගෙ අතින් සිදු වූ වරද පිළිගනී..
බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාව සම්බන්ධව නිෂ්පාදනය කළ වාර්තා වැඩසටහනේ අන්තර්ගතයට අදාළ සාක්ෂි නොමැති බව එහි අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබෙන බව වාර්තා වේ.
ජිනිවා හි පැවති වැඩසටහනකදී, මෙම වාර්තා වැඩසටහනේ නිෂ්පාදක බේස්මන්ට් ෆිල්ම්ස් ආයතනයේ බෙන්ඩි පෙයාර් සහ අධ්‍යක්ෂ ටොම් වෝකර් ඒ බව ප්‍රකාශ කර තිබේ.
හමුදා බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒමට රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බව චැනල් 4 නාලිකාව නිෂ්පාදනය කර පසුගියදා විකාශය කළ SRI LANKA’S EASTER BOMBINGS ; DISPATCHES යන වාර්තා වැඩසටහනෙන් ඉදිරිපත් කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, මේ වන විට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානාගේ ප්‍රකාශයත් සමඟින්.
එහෙත්, වාර්තා වැඩසටහනේ අධ්‍යක්ෂවරයා සහ විධායක නිෂ්පාදකවරයා පිළිගෙන තිබෙන්නේ, බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මෙහෙයවු සහරාන් හෂීම් අතර හමුවට අදාළ සාක්ෂි නොමැති බවයි.
