චන්ද්‍රිකා වැවෙන් මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් හමු වෙලා - මිනි පෙට්ටියක් සහ සුදු රෙදිත් ඒ අතර..
Sri Lanka Police
Sri Lanka
Death
By krishani
ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ ඉහළ කොටසෙන් මිනිස් අස්ථි කොටස් සහ හිස්කබලක් හමු වී ඇති බව වාර්තා වේ.
ඒ පෙරේදා (09) චන්ද්‍රිකා වැවේ ජලය අඩු වීමත් සමඟ බව පොලිසිය සඳහන් කළේ ය.
එය දුටු ප්‍රදේශවාසින් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති අතර පොලිසිය විසින් අස්ථි කොටස් හමු වූ ස්ථානය පරික්ෂා කර තිබෙනවා.
එහිදී මිනී පෙට්ටියක් සහ සුදු රෙදි කොටස් ද හමු වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇඹිලිපිටිය පොලිසිය සිදු කරයි.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)