රට ගොඩ නැගීමට එක්කර ගන්නා පිරිස ගැන චන්ද්‍රිකා කතා කරයි
By Sithumi
දූෂණයෙන් තොර පිරිස් සමඟ රට ගොඩනැගීමට සූදානම් බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පවසනවා.
හිටපු ජනපතිනිය පැවසුවේ සිය වැඩපිළිවෙල සඳහා තරුණයන් වැඩි වශයෙන් එක් කර ගන්නා බවයි වාද්දූව ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමද අදහස් පළ කළ අතර දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් අද දිනයේද පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම සහ නාම යෝජනා අත්සන් කිරීම සිදු කළා.
මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 22ක් සඳහා නාම යෝජනා අත්සන් කිරීම අද සිදු වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තගේ මහනුවර පිහිටි පක්ෂ කාර්යාලයේදීයි.