මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පැය 04කින් පසු මුදාහරී..කට නිසා චමුදිතට අද සිදු වූ දේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Jan 25, 2025 08:03 AM GMT
Aruna

Aruna

Report

කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට අසේල නුවන් රාජපක්ෂ නැමැති අය විසින් "ටෘෘත් විත් චමුදිත යූටියුබ් නාලිකාවේ" මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග කරන ලද ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්ණ කිරීම සඳහා දෙවන වරටත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට අද දින පෙරවරුවේ කැඳවනු ලැබුවා.

එහිදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහුගෙන් දිගු වේලාවක් ප්‍රශ්ණ කර, ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරව මීට සුළු වෙලාවකට පෙර මුදාහැර තිබෙනවා.

මහින්ද රාජපක්ෂගේ පුත්‍රරත්නය අත්ංඅඩංගුවට ගනී..(VIDEO)

මහින්ද රාජපක්ෂගේ පුත්‍රරත්නය අත්ංඅඩංගුවට ගනී..(VIDEO)


මේ පිළිබඳව චමුදිත සමරවික්‍රම මහතාගෙන් ගගන ප්‍රවෘත්ති අංශයේ අප විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ පැය 5කට ආසන්න කාලයක් තමන් ගෙන් ප්‍රශ්න කරමින්, ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

ඒ අනුව අද පෙරවරු 9.00ට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මෙම කැඳවීම සිදුකර තිබුණා.

මේ අතර මීට සති දෙකකට පමණ පෙරාතුවද මාධ්‍යවේදී චමුදිත මහතා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධාවයෙන් ඉන්න.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධාවයෙන් ඉන්න.


කෙසේවෙතත් මෙම සිද්ධියට අදාලව සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගනු ලැබීය.

චමුදිත සමරවික්‍රම මහතාව මීට පෙර එකම සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස දෙවතාවක් කැඳවා නොමැති බවයි වැඩිදුර තොරතුරු සොයාබැලීමේදී ගගන ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ.

You May Like This Video


ReeCha