ඇමති සුනිල් එක්ක සෙල්ෆිත් ගහලලු - දළදා මාලිගාවේ පස්සෙ දොරෙන් හිතවතුන්ට වෙනම පෝලිමක්…?
By R.rishma
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා ප්‍රදර්ශනය සඳහා පසුපස දොරෙන් ඇතැම් පිරිස් ඇතුළු කරන බව මාධ්‍යවේදී උවිදු කුරැකුලසූරිය මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, මාලිගාවේ සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් ද එම පිරිස අතර සිටින බවයි.
ඇතැම් සංඝයා වහන්සේලාගේ පවුල්වල පුද්ගලයන් ද මෙම පසුපස දොරෙන් ඇතුළු කරගන්නා බවත්, ඒ සඳහා අවසර ලබාදී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
පසුපස දොරෙන් තවත් පෝලිමක් ඇතිවී ඇති බවත්, එය ඔහුගේ සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.