මහින්ද රාජපක්ෂගේ පුත්‍රරත්නය අත්ංඅඩංගුවට ගනී..(VIDEO)

By Aruna Jan 25, 2025 04:55 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් බෙලිඅත්ත ප්‍රදේශයේදී යි.

මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් යටතේ යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසුවේ.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධාවයෙන් ඉන්න.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..මේ ගැන දැඩි අවධාවයෙන් ඉන්න.


මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙසයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

මෙරට ලෝකයේ ජනප්‍රිය ස්ථානයක් අසල පාසලක් වැසෙන්න යයි..මේ ගැන රජයේ දැඩි අවධානය යොමු කරන්න.(PHOTOS)

මෙරට ලෝකයේ ජනප්‍රිය ස්ථානයක් අසල පාසලක් වැසෙන්න යයි..මේ ගැන රජයේ දැඩි අවධානය යොමු කරන්න.(PHOTOS)


එමෙන්ම, නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට ඇත.

අන් සියල්ල ඉවත් කිරීමට කටයුතු කළ බව නීතිඥවරු මාර්ගයෙන් එම පෙත්සමේ සදහන් කර තිබෙනවා.

You May Like This Video