ශ්‍රී ලංකාවට අලුත් බලාපොරොත්තුවක්...අවුරුදු 14 පුංචි ක්‍රිකට් "බට්ටි" රටම හොල්ලයි.(PHOTOS)

Cricket Sri Lanka Cricket Sri Lanka
By Aruna Apr 06, 2024 09:12 AM GMT
Aruna

Aruna

Report

19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දුටු විශේෂ සිදුවීමක් පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබෙනවා.

මෙම තරගාවලිය තුලදී බොහෝ පිරිසකගේ අවධානය දිනා ගන්න සමත්වුණ කෙනක් තමයි 14 හැවිරිදි චමුදි ප්‍රබෝධා කියල කියන්නේ.

ඇයගේ කණ්ඩායමේ සාමාජිකාවන්ට අනුව නම් ඇයව හදුන්වන්නේ ‘බට්ටි’ කියන අනුවර්ත නාමයෙන්.

මේ චමුදි ප්‍රබෝධා මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන කියන ගම්මානයේ ජීවත් වෙන දියණියක් ඇය ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම මේ වෙනකොට නියෝජනය කිරීම සුවිශේෂී කාරණයක්.

ඇයගේ විශේෂත්වය වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකාවක් වීමයි.

බට්ටිගේ විශේෂත්වය තමයි ඇය වයස අවුරුදු 14දී ජාතික යොවුන් කාන්තා කණ්ඩායම නියෝජනය කිරීම.

ඒ විතරක් නොවෙයි මොනරාගල වැනි දුෂ්කර ප්‍රදේශයකින් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමත් තවත් විශේෂ කාරණයක් වනවා.

ඇයගේ ප්‍රදේශයෙන් ජාතික තලයේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම් වලටවත් කවදාවත් ක්‍රීඩකයෙක් බිහිවී නැහැ.

නමුත් මෙවර 19න් පහළ කාන්තා කණ්ඩායම නියෝජනය කරන බොහෝ ක්‍රීඩිකාවන් මේ වගේ ඈත දුෂ්කර ප්‍රදේශ වල ඉතා දක්ෂ ක්‍රීඩිකාවෝ වනවා.

අපේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශෂිකලා සිරිවර්ධනටත්, ඉන්පසුව චමරි අතපත්තුටත් සීමා වන්නට වුණා. නමුත් දැන් එය වෙනස් වෙමින් තිබේ.

විශේෂයෙන්ම දුෂ්කර ගම්මාන වලින් ක්‍රීඩිකාවන් දහනමයෙන් පහළ සංචිතයට ගෙනත් තිබීම වර්තමානයේ දකින්නට ලැබෙන සාධනීය කාරණයක්.

මීට අමතරව ලොව හොඳම කාන්තා කණ්ඩායම් දෙක වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාවේ යොවුන් කාන්තා කණ්ඩායම් ශ්‍රී ලංකාවට ගෙනැවිත් තරගාවලියක් පවත්වනවා.

අපේ රටේ ක්‍රිකට් පරිපාලනය, කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටත් විශේෂ අවධානයක් දී තිබීම අනාගතයට වටිනා ආයෝජනයක් වීම සතුටට කාරණයක්.

GalleryGalleryGallery
ReeCha