හදිසියේම චාමිකව රෝහල් ගත කෙරේ
By Sewvandhi
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර හිස් ආවරණයේ පන්දුවක් වැදීම හේතුවෙන් තරගයෙන් ඉවත් වූ චාමික ගුණසේකර ගේ තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ චාමික අනතුරුව රෝහල් ගත කළ බවත් ඔහු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බවත් ය.
චාමික වෙනුවට මෙම තරගය සඳහා කසුන් රාජිත ව කැඳවීය.
පන්දුවට පහර දෙමින් සිටියදී චාමිකගේ හිස් ආවරණයේ පන්දුව වැදීම හේතුවෙන් ඔහුට තරගෙයන් ඉවත් වීමට සිදු වීය.
මෙම තරගය චාමික ගුණසේකරගේ මංගල ටෙස්ට් තරගය වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 439ක් ලබා ගනු ලැබීය.
Sponsored By Sarrita Jewellery