පොලිසියට සාධාරණය ඉල්ලා චාමර සම්පත් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට

Sri Lanka Politician Sri Lankan political crisis Latest Headlines MP Chamara Sampath Dassanayake Sinhala news
By Ashfa Aug 04, 2025 11:28 AM GMT
Ashfa

Ashfa

Report

චාමර සම්පත් දසනායක මහතා අද (04) අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

පාසල් 72ක් වසා දැමීමට සුදානම් - අමාත්‍යවරයාගෙන් දැඩි විරෝධයක්

එය 2024 වසරේදී සිදු වූ බව කියන පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගැනීමේදී ඇති වූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙනි.

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

"ඔබතුමාට ළමයෙක් ඉන්නවා නේද" කෙහෙල්බද්දර පද්මෙගෙන් පොලිස් පරීක්ෂකට මරණ තර්ජන

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඔහු පැවසුවේ, 2024දී පොලිස් බඳවා ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, එහි යෝග්‍යතා පරීක්ෂණයන් සමත් වූ අයවළුන් 100 දෙනෙකුට පත්වීම් ලබාදීම නොවැම්බර් මාසයේ සැලසුම් කර තිබූ බවය.

"මිනිස්සු බැන්නට ඩඩ්ලි සිරිසේන හොද මනුස්සයෙක්" - ඩඩ්ලිගේ ගුණ වයන ඇමති ලාල් කාන්ත

"මිනිස්සු බැන්නට ඩඩ්ලි සිරිසේන හොද මනුස්සයෙක්" - ඩඩ්ලිගේ ගුණ වයන ඇමති ලාල් කාන්ත

කෙසේ වෙතත්, එම පත්වීම් එම අයවළුන්ට ලබාදීමෙන් තොරව, ආණ්ඩුව මේ වන විට නැවත ගැසට් කරමින් නව බඳවා ගැනීම් සැලසුම් කරමින් සිටින බවත්, එය දැඩි සැකයක් ඇති කරන බවත් ඔහු චෝදනා කළේය.

එම අනියම් ක්‍රියාවලියට සම්බන්ධව දූෂණයක් සිදුවී ඇති බවත්, එයට වගකිවයුතු පොලිස් අමාත්‍යවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව තමන් විසින් නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ඔහු අවධාරණය කළේය.

එහිදී චාමර සම්පත් මහතා,

"2024 පොලීසියට SIලා බඳව ගන්න ගැසට් එකක් ගැහුවා. 2024.05.09 යෝග්‍යතා පරීක්ෂණයක් තිබ්බා ඇප්ලිකේෂන් 18,000ක් ආවා. යෝග්‍යතා පරීක්ෂණයෙන් 6,000ක් තෝරගෙන විභාගයට වාඩි වුණා. ඒකෙන් අවසන් සම්මුඛ පරික්ෂණයට 3,000ක් වාඩි වුණා. වෛද්‍ය පරීක්ෂණ, මත්ද්‍රව්‍ය පරීක්ෂණ තියලා හරියටම 100ක් තෝරගෙන තිබුණා. මේ 100 තෝරගෙන පත්වීම් දෙන්න 2024.11.20 සූදානම් කරලා තිබුණා. ඒ සූදානම් කරලා තිබුණාට පස්සේ අද වෙනතුරු මේ පත්වීම් දෙන්නේ නෑ පොලීසිය භාර ඇමති සහ පොලිස් දෙපාර්තමේන්තුව. මේක හරි අසාධාරණයක් මේ 100ක් පොලිස් පරීක්ෂකවරු බඳව ගන්න මේ පරීක්ෂණයෙන් පස්සේ මේකට වියදම් කරලා තියෙනවා පොලිස් දෙපාර්තමේන්තුව විශාල මුදලක්. මේකේ දූෂණයක් වෙලා තියෙනවා. මේවා නවත්වලා පත්වීම් නොදී ඉඳලා මේගොල්ලෝ ලෑස්ති වෙනවා අලුතින් ගැසට් කරලා අලුතින් පත්වීම් දෙන්න. එතකොට මේකට වියදම් කරපු මුදල් කාගේ මුදල්ද? මේවා රජයේ මුදල්. ඒකයි මම අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ මේවා වෙනුවෙන් වියදම් කරපුවා අල්ලස් කොමිසම මේ හැම එකක් ගැනම මේ ගැනත් පරීක්ෂණ කරන්න. පොලිසිය භාර ඇමති හා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් වෙනුවෙන් තමයි පැමිණිල්ල දැම්මේ. එතකොට 2024 තිබ්බේ ශ්‍රී ලංකා පොලීසිය නෙමෙයිද ? මම මේ අසාධාරණය වෙනුවෙන් තමයි මම මේ පැමිණිල්ල දැම්මේ."  

ReeCha