මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිට ඇප

Report

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට පහරදීමේ සහ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතාව ලක්ෂ 5 ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් M.N.M.නානායක්කාර මහත්මිය ඉදිරියේ අද (08) මෙම මෙම නඩුව කැඳවා තිබේ ඒ අනුව සිය රාජකාරියට සභාපතිවරයා විසින් බාධා සිදුකරන බවට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

ආපදාවෙන් නිවාස හානි වූ අයට සුබ ආරංචියක්

ආපදාවෙන් නිවාස හානි වූ අයට සුබ ආරංචියක්

එම පැමිණිල්ල අනුව පොලීසිය විසින් සැකකාර සභාපතිවරයා පසුගිය 2වනදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව අද (08) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි .

ප්‍රාදේශීය සභාවක තාක්ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ

ප්‍රාදේශීය සභාවක තාක්ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ