අද සවස 5.30 සිටම මහා තර්ජනය! ගැඹුරු අවපාතය රටට කඩා වදිනවා – නායයෑම් විශේෂ රතු එළිය, මධ්‍යම කඳුකරයේ ජීවිත අනතුරේ
ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන තත්ත්වය නිරිත දිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර අද(09) පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා රට තුලට ඇතුළුවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.
ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති පුරෝකථන අනුව මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ පහත සඳහන් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම වර්ෂාවෙන් බලපෑම් ඇතිවිය හැකියි.
අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි
ඒ අනුව, පවතින වර්ෂාව සහ මෑතකදී ඇති වු නායයෑම් හා භූ අස්ථාවර තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, එම ප්‍රදේශවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පරීක්ෂා කර, නායයෑම් අවදානමට ලක්විය හැකියැයි හඳුනාගත් ස්ථාන, දැනටමත් නායයෑම් පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, බෑවුම්, නිම්න හා මිනිසා විසින් සකස් කළ කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඇති විය හැකි නායයෑම් තත්ත්වයන් සලකා, අද(09) පස්වරු කාලයට පෙර පහත ස්ථානයන්ගෙන් ඉවත් වී සුරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස දන්වා ඇත.