අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

Report

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4.00ට පමණ මඩකලපුවට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කරමින් අද සවස් කාලයේ පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතර ප්‍රදේශයේ ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළු සහිතව පවතින අතර, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සුපිරි ශුභ යෝගයක්! ලග්න 06කට අද වැල්ලේ බඹරත් කැරකෙයි... 04ක අය පරිස්සම්

සුපිරි ශුභ යෝගයක්! ලග්න 06කට අද වැල්ලේ බඹරත් කැරකෙයි... 04ක අය පරිස්සම්

සෙසු ප්‍රදේශවලද සවස් හෝ රාත්‍රියේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මාතලේ, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර, මහනුවර, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් තැන්වල මිලිමීටර් 50-75 අතර තද වැසි බලාපොරොත්තු වේ.

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් - ජනවාරි 19 සිට

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්, උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා තද සුළං හමා එන අතර, ඇතැම් විට පැයට කිලෝමීටර් 70 දක්වා ප්‍රහාරාත්මක සුළං හමනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු නිසා ජනතාවට අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

2026 ජනවාරි 09 දින උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකිය. 

2026 ජනවාරි 09 දින උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකිය. by rishma