වෙන්නප්පුවේ විෂ මත්පැන් සිද්ධිය - ප්‍රධාන සැකකරුට රැඳවුම් නියෝග

By Shehan Jan 09, 2026 02:05 AM GMT
Report

වෙන්නප්පුව - මාරවිල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) පානය කිරීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන දින 02ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

වයස අවුරුදු 47ක් වන ගාලවත්ත, නැගෙනහිර බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදිංචි අදාළ ප්‍රධාන සැකකරු ඉකුත් 7 වනදා අත්අඩංගුවට ගෙන ඊයේ (08) මාරවිල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

අද සවස සිටම රටම ගැහෙයි - ගැඹුරු පීඩන අවපාතය හම්බන්තොට - කල්මුණේ අතරට - රතු අනතුරු ඇඟවීම් නිකුත් වෙයි

නීතිවිරෝධී මත්පැන් පානය කළ පුද්ගලයන් 06 දෙනෙකු මියයාම හා තවත් පුද්ගලයන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය විමර්ශන සිදුකරයි.

විමර්ශන නිලධාරින් විසින් සිද්ධියට සම්බන්ධ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පසුගිය 7 වනදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සුපිරි ශුභ යෝගයක්! ලග්න 06කට අද වැල්ලේ බඹරත් කැරකෙයි... 04ක අය පරිස්සම්

සුපිරි ශුභ යෝගයක්! ලග්න 06කට අද වැල්ලේ බඹරත් කැරකෙයි... 04ක අය පරිස්සම්