මොඩියුලයේ සිද්ධියට CID ගිය කතාව ගැන අධ්‍යාපන ලේකම් හේතු කියයි
අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියක ශ්‍රේණිය 6 ඉංග්‍රීසි විෂය මොඩියුලයට ඇතුළත් කළ ප්‍රශ්නකාරී අන්තර්ගතය එකතු කළේ කවුදැයි අභ්‍යන්තර පරීක්ෂණයකින් පහසුවෙන් සොයාගත හැකි වුවත්, එහි පිටුපස කුමන්ත්‍රණයක් තිබේදැයි සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා අද (09) පැවසීය.
පැමිණිල්ල කළ දිනයේ සිට මේ දක්වා සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු විශ්ලේෂණය කිරීමේදී මෙහි කුමන්ත්‍රණයක් තිබෙන බවට සැකයක් ඉස්මතු වන බවද ඔහු අවධාරණය කළේය.
"ඕනෑම ආයතනයක් තුළ අභ්‍යන්තර ක්‍රියාවලියක් තිබෙනවා. ඒ ක්‍රියාවලිය මගින් මේක කළේ කවුද කියන එක බොහොම පහසුවෙන් සොයා ගත හැකියි. ඒවා සියල්ල ලේඛන ගතව තියෙනවා. ඒක විශේෂයෙන් හොයන්න දෙයක් නෙවෙයි."
ප්‍රශ්න සහගත පොත් ගත්තම ඒක ලිව්වේ කවුද කියන එක අපි දන්නවා. ඒත් එයා ඒක ඇයි ලිව්වේ කියන එක අපට අභ්‍යන්තර පරීක්ෂණයකින් හොයන්න බැහැ. ඒක අපේ සීමාවෙන් ඔබ්බට ගිය එකක්.
සිද්ධියේ බරපතළ කමත් මේක පසුපස කුමන්ත්‍රණයක් සිදු වුණාද කියන සාධාරණ සැකය අපිට අමාත්‍යාංශයක් විදිහට ඇති වෙනවා. පැමිණිල්ල කළ දවසේ සිට අද දක්වා සමාජ මාධ්‍ය වල සිදුවන කතා බහ දකින විට මට දැනුන දේ තහවුරු වෙනවා. මේක ධනාත්මකව බලලා අපෙන් වූ වැරදි පිළිගෙන ඒක නිවැරදි කරනවා වගේම මෙතන වෙනත් කාරණා කිහිපයක් සාකච්ඡා වෙනවා. මේක හිතාමත නොකළ අහිංසක වරදක්ද නැතහොත් මේ පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් තිබෙනවාද කියන එක අපි සොයා ගත යුතුයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අභ්‍යන්තර පරීක්ෂණ තුනක් සිදු වෙනවා. ඒවාහි නිර්දේශ අනුව විනය ක්‍රියාමාර් ගන්නවා. නමුත් මෙතන ඊට එහා දෙයක් තිබෙනවා ද කියලා සෙවීම සඳහා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට පැමිණිලි කළේ. ඔවුන් කිව්වොත් මෙතන තිබෙන්නේ අභ්‍යන්තරව සිදුවූ අතපසුවීමක් කියලා ඒක අපි පිළිගන්නවා.