හදිසි දැනුම්දීමක් - බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අද කලින්ම වසයි
බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අධ්‍යාපන කටයුතු අද (09) පෙරවරු 11.00ට අවසන් කරන බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න මහතා නිවේදනය කළේය.
මෙම තීරණය ගෙන ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (08) පස්වරුවේ නිකුත් කළ බදුල්ල දිස්ත්‍රික්කයට අදාළ නායයාම් අනතුරු ඇගවීමේ විශේෂ පණිවිඩයට අනුවයි.
එමෙන්ම, නායයාම් අවදානම් තත්ත්වය ඉහළ මට්ටමක පවතින ප්‍රදේශවල පාසල් පැවැත්වීම නුසුදුසු යැයි හැඟෙන්නේ නම්, අදාළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා කර එම පාසල් අද දින සම්පූර්ණයෙන් වැසීමට කටයුතු කරන ලෙසද විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
ඌව පළාතේ සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වේ. දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කරන ලෙසයි.
අද සවස 5.30 සිටම මහා තර්ජනය! ගැඹුරු අවපාතය රටට කඩා වදිනවා – නායයෑම් විශේෂ රතු එළිය, මධ්‍යම කඳුකරයේ ජීවිත අනතුරේ