Majestic Pride කැසිනෝවේ ලොක්කෙක් රිමාන්ඩ්

Report

ප්‍රධාන පෙළේ නිමි ඇඳුම් සන්නාමයක් වන බ්‍රැන්ඩික්ස් (Brandix) නම භාවිත කරමින් මුදල් ඉපැයීමට හැකි බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් නෙළුම් කුළුණේ පිහිටි මැජෙස්ටික් ප්‍රයිඩ් කැසිනෝවේ (Majestic Pride) කළමනාකාරවරයකු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස පිලැස්ස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.

මෙම සැකකාර කළමනාකරුගේ ගිණුමට දින දෙකක් ඇතුළත සැක කටයුතු අයුරින් රුපියල් ලක්ෂ 92 ක පමණ මුදලක් බැරවී තිබූ බව විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයේ නිලධාරීහු අධිකරණය වෙත දන්වා සිටියහ.

හදිසි දැනුම්දීමක් - බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අද කලින්ම වසයි

හදිසි දැනුම්දීමක් - බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අද කලින්ම වසයි

කුලියාපිටිය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකපිට අත්අඩංගුවට ගත් කලුපහන, වීරකෝන්ගම පදිංචි එච්.එම්.ඩී.ඩබ්ලිව්. හේරත් නමැති සැකකරු පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

වට්ස්අප් සහ ටෙලිග්‍රෑම් සමූහයක් මගින් බ්‍රැන්ඩික්ස් (Brandix) සන්නාමය භාවිත කරමින් සම්බන්ධ වූ පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් මුදල් ඉපැයීමට හැකි බව පවසා පැමිණිලිකරු රවටා රුපියල් තුන්ලක්ෂ හැත්තෑතුන්දහස් තුන්සියයක (373,300/-) මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය ලබන 22 වැනිදා වාර්තා කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

මෙම සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මලීෂ හේරත්ගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.   

සුපිරි ශුභ යෝගයක්! ලග්න 06කට අද වැල්ලේ බඹරත් කැරකෙයි... 04ක අය පරිස්සම්

සුපිරි ශුභ යෝගයක්! ලග්න 06කට අද වැල්ලේ බඹරත් කැරකෙයි... 04ක අය පරිස්සම්