මේ පුටුවේ වාඩි වන හැම කෙනෙක්ම මැරෙනවා..! ලෝකයේ ශාපලත් පුටුවක් තිබෙන බව ඔබ දැන සිටියාද..? අදහාගත නොහැකි විශ්මය ජනක කතාවක්..(PHOTOS)

New York England Gossip Chair of death Thomus Busbige
By Sewvandhi Jan 19, 2022 11:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඒකේ වාඩිවෙන මිනිස්සු මැරෙනවා. ඔව්, එය අමුතු දෙයක් විය හැකිය, නමුත් එය සත්‍යයක්. වාර්තා වන පරිදි, මිනීමැරුම් වරදකරුවෙකු වූ තෝමස් බස්බිගේ ශාපයට ලක්වූ පුටුවක් එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි තිබෙනවා. 

1702 ජූනි මාසයේදී, කිසියම් ව්‍යාපාරික ගැටලුවක් හේතුවෙන් අහිංසක මිනිසෙකු වූ ඩැනියෙල් ඔටි ඔහුගේ සහකරු තෝමස් බස්බි විසින් මිටියකින් පහර දී මරා දමනවා. 

අවසානයේදී, බස්බි මිනීමැරුම් නඩුවේ වරදකරු වුණා. ඔහුට ඔහු ජීවත් වූ තානායම අසල එල්ලා මරණ දඬුවම නියම වුණා.  ඔහුව එල්ලා මැරීමට පෙර, නීතිරීති අනුව ඔහුගේ අවසන් කැමැත්ත විමසනවා. 

එහි දී ඔහු කැමතිම පුටුවේ වාඩිවීම ඔහුගේ අවසාන ආශාව වුණා.  “මේ පුටුවෙ ඉදගන්න හැම කෙනෙක්ම අකාලෙ මැරිල යන්න ඕන..'' කියමින්. 

බස්බිගෙ මරණෙන් පස්සෙ මේ පුටුව මතක සටහනක් විදිහට බස්බිගෙ අවන්හලේ තියලා තිබුණා. බස්බිගෙ ශාපය ගැන අහපු අය මේ පුටුවෙ ඉදගන්න බය වුණා. ඒත් බය නැති අයත් හිටිය. 

දවසක් දා බස්බිගෙ අවන්හලට ආපු සොල්දාදුවො දෙන්නෙක් ඒ කතාව අහලා හිනාවෙලා “ශාපයක්.. මොන බොරුද.. එහෙම ඒවා මේ ලෝකෙ නෑ..“ කියලා ඒ පුටුවෙ ඉදගත්තා.

ඒ සොල්දාදුවො දෙන්නා පහුවදාම යුද්දෙදි මැරුම් කෑවා.  ඊට පස්සෙ බස්බිගෙ අවන්හලේ චිමිනිය හදන්න ආපු බාසුන්නැහේ. මේ පුටුවෙ ඉදගත්තා. චිමිනියෙන් වැටිලා බාසුන්නැහේත් නොඑන ගමන් ගියා. 

ඔය විදිහට දිගින් දිගටම මේ පුටුවෙ ඉදගන්න අයට මරණය අතවනන්න පටන් ගත්තා.  මේ පුටුව ගැන මේ බිහිසුනු කතාව හැම තැනම පැතිරිලා ගියා.

පුටුවේ ඉදගන්න මිනිස්සු මැරෙන නිසා කාටවත් ඉදගන්න දෙන්නෙ නැතිව අවන්හලේ අය මේ පුටුව ගබඩා කාමරයට දැම්මා. දවසක් බඩු අහුරන්න ගබඩා කාමරයට ආපු අලුත් සේවකයෙක් මහන්සි අරින්න මේ පුටුවෙ වාඩි වුණා.

බඩු ටික බාලා ආපහු යනකොටම අනතුරකින් ඒ සේවකයත් මැරිලා ගියා.  මේ වැඩේ හරියන්නෙ නැහැනෙ.ඒ හින්දා අවන්හලේ අය එකතු වෙලා. මේ පුටුව ඒ පලාතේ කෞතුකාගාරයට දුන්නා. 

පුටුවේ ඉතිහාස කතාවත් එක්කම පුටුව කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තිබ්බා. දවසක් දා,කෞතුකාගාරය පිරිසිදු කරන සේවිකාවක් පිරිසිදු කරනකොට ලිස්සලා ගිහින්මේ පුටුව උඩ ඉන්දවුණා.

එදාම කෞතුකාගාරයේ උඩ තට්ටුවෙන් වැටිලා ඒ සේවිකාවත් නොඑන ගමන් ගියා.ඉතින් එදා ඉදන්.මේ පුටුව අඩි පහක් උසින් එල්ලලා තියෙන්නෙ.

තාමත් ඒ පුටුව එල්ලලා තියෙනවා එංගලන්තයේ උතුරු යෝක්ෂයරයේ තර්ස්ක් කෞතුකාගාරෙ. පුටුව හරි ප්‍රසිද්ධයි. මේකට කියන්නෙ “මරණයේ පුටුව“ “Chair of Death“ කියලා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery