නරක් වූ සහ විෂ රසායනික ද්‍රව්‍ය යොදන ලද මාළු තොගයක් හමු වෙලා - පාරිභෝගිකයින් සහ වෙළෙන්දන් අතර ආරවුල් ද වෙලා..

By krishani Sep 26, 2023 10:01 AM GMT
Report

මිනිස් ආහාරයට නුසුදුසු මාළු කිලෝ ග්‍රෑම් 700ක් පමණ යාපනය චුන්නාකම් ප්‍රදේශයේ මාළු වෙළද සැලේ අලෙවි කරමින් තිබ ඇත.

ඒ හේතුවෙන් ඉකුත් 25 වන දා සෞඛ්‍ය නිලධාරීන් විසින් ඒ සියල්ල විනාශ කර තිබෙනවා.

ඒ පාරිභෝගික ජනතාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි  නිලධාරීන් පිරිසක් එහි ගොස් මෙම මාළු තොග පරික්ෂා කර ඇත්තේ.

එහිදී එම මාළු තොගවල නරක් වූ මාළු හා විෂ රසායනික ද්‍රව්‍ය යොදන ලද මාළු තොගයක් හමු වී තිබෙනවා.

මෙහිදී වෙළෙන්දන්ට දැඩි ලෙස අවවාද කළ සෞඛ්‍ය නිලධාරීන් එම මාළු තොගය අත්අඩංගුවට ගෙන විනාශ කොට දමා ඇති බව වාර්තා වේ.

එම චුන්නාකම් මාළු වෙළද සැලෙන් බොහෝ දෙනෙක් මාළු මිලට ගෙන ඇති අතර බොහෝ දෙනෙකු ආපසු එම මාළු රැගෙනවිත් වෙළෙන්දන්ට එම මාළු නරක් වී ඇති බව පවසා තිබෙනවා.

නමුත් ඔවුන් එය පිළිගැනීමට අකැමති වී ඇති අතර වෙළෙන්දන් පාරිභෝගිකයින් සමඟ ගැටුමක්ද ඇතිකර ගෙන ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන්  පාරිභෝගිකයින් මේ පිළිබඳව යාපනයේ සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත.

පසුව නිලධාරීන් විසින් හදිසි වැටලීමක් සිදු කොට මාළු තොගය අත්අඩංගුවට ගෙන විනාශ කර තිබෙනවා.