අමෙරිකානු භාරයට ගත් වෙනිසියුලා ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා
අද (03) දින ඇමෙරිකානු හමුදා මෙහෙයුමකින් අල්ලාගෙන රටින් පිටුවහල් කළ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි චෝදනා සම්බන්ධයෙන් නිව්යෝර්ක්හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේදී අධි චෝදනා ගොනු කර ඇති බව ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මදුරෝට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතරට මත්ද්‍රව්‍ය-භ්‍රෂ්ටාචාර සංකල්පය (narco-terrorism), කොකේන් ආනයනය සම්බන්ධ බරපතළ චෝදනා, ගිනිඅවි සහ විනාශකාරී උපකරණ ළඟ තබාගැනීම සහ එක්සත් ජනපදයට එරෙහිව ඒවා භාවිතා කිරීමේ බව පැවසෙයි. මෙම චෝදනා 2020 මාර්තු මාසයේදී මුලින්ම ගොනු කර තිබූ අතර, මදුරෝගේ අල්ලාගැනීමෙන් පසුව නඩු විභාගය ඉදිරියට ගෙන යෑමට ඇමෙරිකානු බලධාරීන් තීරණය කර තිබේ.
ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව පවසන්නේ මදුරෝ සහ ඔහුගේ සමීපතමයින් කොකේන් ජාවාරම් ජාලයක් මෙහෙයවමින් ඇමෙරිකා එක්සත් ජනපදයට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ බරපතළ චෝදනාවලට වගකිව යුතු බවයි. මෙම චෝදනාවලට අනුව මදුරෝට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමේ හැකියාවක් ඇති බව විශ්ලේෂකයන් පවසති.
මදුරෝගේ බිරිඳ සිලියා ෆ්ලොරස් ද මෙම චෝදනාවලට සම්බන්ධ බව වාර්තා වන අතර, ඇය ද ඇමෙරිකානු භාරයේ සිටින බව තහවුරු වී ඇත. මෙම නඩු විභාගය අවසන් වූ පසු ඔහුගේ ඉරණම ඇමෙරිකානු බන්ධනාගාරයකින් අවසන් විය හැකි බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි. මෙම සිදුවීම ගෝලීය මට්ටමින් දැඩි කතාබහට ලක්ව ඇති අතර, රුසියාව ඇතුළු රටවල් කිහිපයක් ඇමෙරිකානු මැදිහත්වීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක් ලෙස හෙළා දකියි.