වෙනිසියුලානු ජනාධිපති අල්ලාගත් ආකාරය ගැන ට්‍රම්ප් අදහස් දැක්වයි

Report

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දැක්වමින්, වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ විස්තර කර ඇත.

ට්‍රම්ප් පවසන්නේ, මධුරෝ අල්ලා ගන්නා විට ඔහු නිවසක නොව, බලකොටුවක් වැනි ස්ථානයක සිටින බව සහ ඔහු එය සජීවීව නැරඹූ බවය.

එමෙන්ම, මෙම ප්‍රහාරය මීට දින 4කට පෙර සිදුකිරීමට නියමිත වූ අතර, කාලගුණය හේතුවෙන් එය ප්‍රමාද වූ බවද ඔහු සඳහන් කළේය. ඔහුට සති කිහිපයකට පෙර මධුරෝ යටත් වන බව දැනගැනීමට හැකි වූ බවද ට්‍රම්ප් සඳහන් කළේය.

කොලොම්බියානු ජනාධිපතිගෙන් හදිසි නියෝගයක්

කොලොම්බියානු ජනාධිපතිගෙන් හදිසි නියෝගයක්

ට්‍රම්ප් පවසන්නේ, මධුරෝ සහ ඔහුගේ බිරිඳ මෑරිනයේ හමුදා විසින් අල්ලාගෙන නිව්යෝර්ක් බලා යමින් සිටින බවය. ඔවුන්ට එරෙහිව නිව්යෝර්ක්හි අධි චෝදනා ගොනු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී වෙනිසියුලානු විපක්ෂ නායිකාව මාරියා කොරිනා මචාඩෝට සහාය ලබා දෙමින් බලය අත්පත් කර ගැනීමේ උත්සාහයන් පිළිබඳ අමෙරිකානු සොයා බැලීම් සිදුකළ යුතු බව ට්‍රම්ප් පවසයි.

ඔහු තවදුරටත් පවසන්නේ, වෙනිසියුලායේ ඉතිරි මධුරෝ පාක්ෂිකයින්ට එරෙහි දෙවන රැල්ලකට එක්සත් ජනපදය සූදානම් බව සහ රටේ තෙල් සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා ඇමරිකානු සමාගම් සම්බන්ධ වනු ඇතැයි විශ්වාස කරන බවය.

අමෙරිකානු භාරයට ගත් වෙනිසියුලා ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා

අමෙරිකානු භාරයට ගත් වෙනිසියුලා ජනාධිපති මදුරෝට මත්ද්‍රව්‍ය සහ අවි චෝදනා