නිවාස අහිමි වූ පවුල් සඳහා ලක්ෂ 50 දීමනාව දෙන දවස මෙන්න
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත රුපියල් ලක්ෂ 50ක දීමනාව ජනවාරි මාසයේ පළමු දින 10 තුළදී ලබා දීමට ආරම්භ කරන බව, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, ආපදාවෙන් මාසයක් ගතවීමට පෙර කැඩී බිදී ගිය පාරවල්වලින් 99%ක් සාර්ථකව යළි නිම කළ බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුර කියා සිටියේ, නිවාස සම්පූර්ණයෙන්ම අහිමි වූ පුද්ගලයින් සඳහා වසරක් ගතවීමට පෙර තමන්ගේම නිවසක් සාදා ගැනීමට උපකාර කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවය.
කෙසේ වෙතත්, ගංවතුරෙන් බරපතළ හානියට ලක් වූ ප්‍රදේශ රැසක ජනතාව සහ ගොවීන් පෙන්වා දෙන්නේ මෙතෙක් ඔවුන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි මුදල් නිසි ලෙස ලබා නොදී ඇති බවය.
පසුගිය ආපදාවේදී, මහමන්කඩවල වැව පිටාර ගැලීම හේතුවෙන් ගංවතුරට ලක් වූ නිවාසවලට රුපියල් 25,000 වන්දිය හෝ මේ වනවිට නොලැබුණු බව මහමන්කඩවල ගම්මානයේ ජනතාව චෝදනා කළහ.
ඉහත ගංවතුර හේතුවෙන් එහි නිවාස 150කට වැඩි සංඛ්‍යාවක් ජලයෙන් යටවී තිබේ.