කොළඹ ප්‍රදේශ කිහිපයට බිඳ වැටී තිබූ ජල සැපයුම යථාවත් කෙරේ
By Shehan
දෙහිවල, ගල්කිස්ස සහ ආසන්න ප්‍රදේශ රැසකට බිඳ වැටී තිබූ ජල සැපයුම යථාවත් කර ඇති බව වාර්තා වේ.
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය බහාලන නළය බත්තරමුල්ල තලංගම පයිප්ප පාර ප්‍රදේශයේ සිදු වූ හදිසි පිපිරීමක් හේතුවෙන් ඊයේ (02) රාත්‍රී 10ට පමණ ජල සැපයුම අත්හිටවනු ලැබිය.
ඊට සමගම, එම ජල කාන්දුව නිසා මාර්ගය ද ජලයෙන් යටවී තිබුණි.
ඒ අනුව, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොලොන්නාව යන ප්‍රදේශවලට නැවත ජල සැපයුම යථාවත් කර ඇත.