වෙනිසියුලාවට තවදුරටත් ප්‍රහාර නෑ - වෙනිසියුලාව පුරා හමුදාව කැඳවීමටත් නියෝග
වෙනිසියුලාවේ මතුව ඇති තත්වය සම්බන්ධව ලොව පුරා අවධානය යොමුව ඇති මොහොතක වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා නොකර බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ වෙනිසියුලානු ජනාධිපතිවරයා මේ වන විට අමෙරිකානු අත්අඩංගුවේ පසුවන බැවින් වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් ප්‍රහාර දියත් කිරීමේ අරමුණක් නොමැති බවය.
මේ අතර පවතින තත්ත්වය මත රට පුරා වහාම හමුදා භට පිරිස් යෙදවීමට වෙනිසියුලානු ආරක්ෂක අමාත්‍යවරයා නියෝග කර තිබේ.
ප්‍රහාරය සම්බන්ධව අදහස් දක්වමින් ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වෙනිසියුලාවට එරෙහිව මෙතෙක් සිදුවූ නරකම ආමන්ත්‍රණය සිදුව ඇති බවත් වෙනිසියුලාවේ සියලු සන්නද්ධ හමුදා යොදවන බවට මදුරෝගේ නියෝග අනුගමනය කරන ලෙසත් ඔහු සඳහන් කර ඇත.
මේ අතර අමෙරිකාව විසින් නිකොලොස් මධුරෝ අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ කිරීමත් සමග එරට උප ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ඒ පිළිබඳ සාක්ෂි ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
උප ජනාධිපතිවරිය සඳහන් කර ඇත්තේ ජනාධිපති මධුරෝ සහ ජනාධිපති ආර්යාව වන සිලියා ෆ්ලෝරස් සිටින ස්ථානය වෙනිසියුලානු රජය නොදන්නා බවත් ඔවුන් දෙදෙනාගේම ජීවිතය පිළිබඳ ක්ෂණික සාක්ෂි රජය ඉල්ලා සිටින බවත් උප ජනාධිපතිවරිය එක්සත් ජනපදයෙන් ඉල්ලා ඇතැයි එහි සඳහන් වේ.