කොළඹ අවට බිඳවැටුණු ජල සැපයුම් ගැන විශේෂ දැනුම්දීමක්

Report

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සැපයෙන ප්‍රධාන මාර්ගයේ ජල නලයක් බිඳවැටීමෙන් බිඳවැටුණු ජල සැපයුම අද (03) මධ්‍යම රාත්‍රිය වන විට යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පැවසුවේ, බත්තරමුල්ල කොස්වත්ත පයිප්ප පාර ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රියේ පුපුරා ගිය ජල නලයේ අලුත්වැඩියා කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බවයි. හානියට පත් වූ නලය වයස අවුරුදු 60කට ආසන්න පැරණි නලයක් බැවින් අලුත්වැඩියාවට තරමක් කාලයක් ගතවන බවත් ඔහු සඳහන් කළේය.

මෙම අනතුර නිසා මොරටුව, දෙහිවල-ගල්කිස්ස, කොළොන්නාව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, වැල්ලවත්ත, පාමංකඩ සහ මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම බිඳවැටී ඇති අතර, ජල මණ්ඩලය ටැංකර් බෝලර් මගින් අත්‍යවශ්‍ය ස්ථානවලට ජලය සැපයීම ද සිදු කරමින් සිටියි.

ජල සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු ජනතාවගෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්, ජලය ඉතිරි කර භාවිතා කරන ලෙසත් ජල මණ්ඩලය ඉල්ලා සිටියි. මෙම පැරණි ජල මාර්ගවල නඩත්තු කටයුතු සහ නවීකරණය පිළිබඳව ජල මණ්ඩලයේ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් වාර්තා වේ.