අලුත් අවුරුදු ආරම්භයේම ජනවරම පාවා දුන්නා - සජිත්ගෙන් රජයට දැඩි ප්‍රහාරයක්

Report

දිට්වා සුළි කුණාටුව නිසා ලක්ෂ ගණනින් ජනතාව අවතැන් වෙද්දී රජය විදුලි බිල 11.57%කින් වැඩි කිරීමට යෝජනා කරමින් ජනවරම පාවාදෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බරපතළ චෝදනා එල්ල කරයි.

ආණ්ඩුව බලයට පත් වූයේ 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන පොරොන්දු පත්‍රිකාව මත වුවත්, මේ වන විට එය අමතක කර දුප්පත් රටක් සහ දුප්පත් ජීවිතයක් නිර්මාණය කිරීමට මුලපුරමින් සිටින බවත් ඔහු පැවසීය. විපක්ෂයේ සිටියදී රජයේ සාමාජිකයන් සෑම වේදිකාවකදීම රු. 9000ක බිල රු. 6000 දක්වාත්, රු. 3000ක බිල රු. 2000 දක්වාත් 33%කින් විදුලි බිල අඩු කරන බව පැවසුවත්, බලයට පත්වීමෙන් පසු එම පොරොන්දු අමතක කර අද හෙටම 11.57%කින් විදුලි බිල වැඩි කිරීමට සැලසුම් කරමින් සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනවාරි 02 දින මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැන් ලැබුණු විශේෂ දැනුම්දීමක් මෙන්න

ලංකා විදුලි බල මණ්ඩලය (CEB) විසින් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇති අතර, එය 2026 පළමු කාර්තුව සඳහා විදුලි පරිභෝජනයට අදාළව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වැඩිවීම මගින් මණ්ඩලයේ ආදායම 11.57%කින් ඉහළ දැමීම අපේක්ෂා කෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) ලේඛනවල සඳහන්ය.

විපක්ෂ නායකවරයා මෙම යෝජනාව ජනතා විරෝධී බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන්ට පිළිගෙන ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ විශ්වාසය පාවාදෙන බවත් පැවසීය. දිට්වා සුළි කුණාටුව නිසා මිලියන ගණනින් ජනතාව අවතැන් වී සිටින මොහොතක මෙවැනි පීඩාකාරී තීරණ ගැනීම තරයේ හෙළා දකින බවත්, මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව ජනතාව පෙළගැසිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

රජයේ පොතේ සමලිංගික සයිට් එක අහම්බයක් නෙවෙයි - ජනපති ඇතුළු 160ම අත්අඩංගුවට ගන්න

රජයේ පොතේ සමලිංගික සයිට් එක අහම්බයක් නෙවෙයි - ජනපති ඇතුළු 160ම අත්අඩංගුවට ගන්න

මෙම චෝදනාවලට රජයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර, විදුලි බිල වැඩිවීමේ යෝජනාව PUCSL විසින් සමාලෝචනය කෙරෙමින් පවතී. එමෙන්ම, ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණයේදී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සේවකයන් සඳහා රුපියල් මිලියන 11,554ක වන්දි මුදලක් පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.

මටත් ජනරාල් තනතුරවත් ලබා දිය යුතුය..ආන්දෝලනාත්මක සටහනකින් දේවානිත් මයික් එක අතට ගනී

මටත් ජනරාල් තනතුරවත් ලබා දිය යුතුය..ආන්දෝලනාත්මක සටහනකින් දේවානිත් මයික් එක අතට ගනී