වෙනිසියුලාවේ පාලනය එක්සත් ජනපදය යටතට - ට්‍රම්ප්

Report

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දැක්වමින්, වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳ විස්තර කළේය.

ට්‍රම්ප් සඳහන් කළේ, තමන්ගේ මග පෙන්වීම අනුව රාත්‍රී සහ උදෑසන දක්වා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් සිදුකළ බවයි.

එමෙන්ම, ආරක්ෂිත සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් සිදුකළ හැකි වනතුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බව ඔහු පවසා ඇත.

වෙනිසියුලානු ජනාධිපති අල්ලාගත් ආකාරය ගැන ට්‍රම්ප් අදහස් දැක්වයි

වෙනිසියුලානු ජනාධිපති අල්ලාගත් ආකාරය ගැන ට්‍රම්ප් අදහස් දැක්වයි

ට්‍රම්ප් පවසන්නේ, මධුරෝ සහ ඔහුගේ බිරිඳ දැන් අමෙරිකානු යුක්තියට මුහුණ දීමට නියමිත බවත්, වෙනිසියුලාවෙන් පැමිණෙන මත්ද්‍රව්‍ය 97% ක්ම එක්සත් ජනපදය සොයාගෙන ඇති බවත්ය.

තවද, එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව දෙවන, විශාල ප්‍රහාරයක් සිදු කිරීමට සූදානම් බවත්, පළමු ප්‍රහාරයේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් දැන් එය සිදු නොකෙරෙන බවද ට්‍රම්ප් පවසා ඇත.

වෙනිසියුලාවට තවදුරටත් ප්‍රහාර නෑ - වෙනිසියුලාව පුරා හමුදාව කැඳවීමටත් නියෝග

වෙනිසියුලාවට තවදුරටත් ප්‍රහාර නෑ - වෙනිසියුලාව පුරා හමුදාව කැඳවීමටත් නියෝග